top of page
Image by Greg Rosenke

ProZ Pro Bono ගැන කෙටියෙන්

 

මෙම වෙබ් අඩවියේ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි, නමුත් අපට අවශ්‍ය වූයේ ලොව පුරා රටවල සිටින අපගේ මිතුරන්ට සහ සේවාදායකයින්ට ඔවුන්ගේම භාෂාවෙන් මෙම වැඩසටහන ගැන දැන ගැනීමට අවස්ථාවක් ලබා දීමටය. මෙම පිටුවෙන් මෙම ව්‍යාපෘතිය, මේ හා සම්බන්ධ පුද්ගලයින් සහ මෙහි අභිප්‍රේරණය යනාදිය ගවේෂණය කරනු ලැබේ. මෙය පරිවර්තනය කරන ලද්දේ අපගේ ස්වේව්ඡා පරිවර්තකයින් විසිනි. තවද ඔබට ඕනෑම භාෂාවකින් අපව සම්බන්ධ කර ගත හැකි අතර අපි එම භාෂාවෙන්ම ඔබ වෙත නැවත පිළිතුරු සපයන බව කරුණාවෙන් සලකන්න.

කුමක්ද, කවුද, කීයටද, කොහේද, ඇයි?

කුමක්ද?
ProZ Pro Bono වැඩසටහන යනු ලොව විශාලතම වෘත්තීය භාෂා සහ භාෂණ පරිවර්තක ප්‍රජාව වන ProZ.com විසින් දියත් කරන ලද පුණ්‍යාධාර මුදලින්-නිදහස් ප්‍රාරම්භනයකි. මෙම වැඩසටහන මඟින් ස්වේච්ඡා පදනම මත, භාෂා වෘත්තිකයන්ව ලාභ නොලබන සංවිධාන හා භාෂා සහ භාෂණ පරිවර්තන සේවා අවශ්‍ය පුද්ගලයන් සමඟ සම්බන්ධ කරයි. මෙම වැඩසටහන හරහා, ProZ.com විසින් අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සඳහා අත්‍යවශ්‍ය තොරතුරු සහ සේවාවන් වෙත ප්‍රවේශය ලබා දෙන ගෝලීය භාෂාමය ආධාරක ජාලයකට පහසුකම් සපයනු ලැබේ.

කවුද?

ProZ Pro Bono වැඩසටහන විසින් ලොව පුරා ලාභ නොලබන සංවිධානවලට සේවය සපයන අතර, එමගින් ඔවුන්ට විවිධ භාෂා ප්‍රජාවන් ආමන්ත්‍රණය කළ හැකි වන අතර ඔවුන්ගේ දුර්ලභ සම්පත් වරප්‍රසාද නොලත් අයට සේවය සැපයීමට යොමු කිරීමේ මූලික අරමුණ සඳහා කැප කරයි. භාෂා සහ භාෂණ පරිවර්තන කටයුතු සිදු කරනු ලබන්නේ ProZ.com හි ලියාපදිංචි සාමාජිකයින් වන භාෂා වෘත්තිකයන් විසිනි. ඔවුන් සහය අවශ්‍ය අයට තම විශේෂඥ දැනුම නොමිලේ ලබා දීමෙන් ධනාත්මක බලපෑමක් ඇති කිරීමට උනන්දු වෙති. එයට ProZ.com හි සාමාජිකයින් විසින් අරමුදල් සපයනු ලැබේ

කොහේද?

​ProZ Pro Bono වැඩසටහන ගෝලීය පරිමාණයෙන් ක්‍රියාත්මක වේ. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින භාෂා වෘත්තිකයන්ට සහ ලාභ නොලබන සංවිධානවලට මෙයට සහභාගී විය හැකිය. මෙම වැඩසටහන ProZ.com හි ඔන්ලයින් ස්වභාවය ප්‍රයෝජනයට ගනිමින්, දේශසීමා අතර සහයෝගීතාවය සක්‍රීය කරනු ලැබේ. ඔවුන්ගේ භූගෝලීය පිහිටීම නොසලකා ස්වේච්ඡා සේවකයන්ට ඔවුන්ගේ සේවාවන් ලබා දිය හැකි අතර ප්‍රතිලාභීන්ට සහාය ඉල්ලා සිටිය හැක.

 

කීයටද?

ProZ Pro Bono වැඩසටහන අඛණ්ඩව පවතින ප්‍රාරම්භනයක් වන අතර එයට වසර පුරාම සහභාගී විය හැකිය. භාෂා වෘත්තිකයන්ට ඕනෑම වේලාවක ස්වේච්ඡා සේවකයන් ලෙස ලියාපදිංචි විය හැකි අතර, ලාභ නොලබන සංවිධාන හෝ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට අවශ්‍ය ඕනෑම විටෙක ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිය. කාල නිර්ණයේ ඇති නම්‍යශීලී බව භාෂාව සම්බන්ධ හදිසි අවශ්‍යතා සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසයි.

ඇයි?

අත්‍යවශ්‍ය තොරතුරු සහ සේවා සැපයීමට හෝ ප්‍රවේශය ලබා ගැනීමට අපහසුතා ඇති අය සඳහා භාෂාමය හිඩැස් මඟහරවා ගැනීම සඳහා ProZ Pro Bono වැඩසටහන ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ලැබේ. එය ProZ.com හි මූලික වටිනාකම්, එනම් භාෂා සහ භාෂණ පරිවර්තනය කරන ප්‍රජාව තුළ සහයෝගීතාවය සහ සහාය පෝෂණය කිරීම සහ ලෝකයේ අර්ථවත් වෙනසක් ඇති කිරීම සමඟ සමපාත වේ. මෙම වැඩසටහන ගෝලීය වශයෙන් අවබෝධය, සන්නිවේදනය සහ තොරතුරු වෙත තිබෙන ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමේලා පුළුල් මෙහෙවරක් ඉටු කරයි.

 

මෙම වැඩසටහන ලොව පුරා අවශ්‍යතා ඇති අයට ඉතා වැදගත් සේවාවන් සපයමින් ඔවුන්ගේ කුසලතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කිරීමට භාෂා වෘත්තිකයන්ට බලය ලබා දෙන දයානුකම්පිත හා බලපෑමක් ඇති කළ හැකි උත්සාහයකි.  ProZ Pro Bono වැඩසටහනේ ස්වේච්ඡා භාෂා සහ භාෂණ පරිවර්තකයින් ඔවුන්ගේ කුසලතා සහ ප්‍රවීණත්වය දායක කරන්නේ කිසිදු පුද්ගලික වාසියක් සඳහා නොව, භාෂා සහාය අවශ්‍ය අයගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ය.

Translated by Chinthanie Dissanayake / පරිවර්තනය කරන ලද්දේ චින්තනී දිසානායක විසිනි

bottom of page